ව්‍යාපෘතිය

'සුවදායිී භූමිදර්ශ: ආහාර සුරක්ෂිතතාව, යහපැවැත්ම සහ පරිසර පද්ධති සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා  සමාජීය සහ පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශවල කෘෂිකාර්මික භූමි කළමනාකරණය කිරීම' ව්‍යාපෘතිය  මගින් ග්‍රාමීය එල්ලංගා  පද්ධතිවල තිරසාර කළමනාකරණය ප්‍රතිස්ථාපනය සහ ප්‍රවර්ධනය කිරීම මගින්  බොහෝ  පරිසර විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක සහ අර්ථ ශාස්ත්‍රීය ක්‍රියාකාරකම් වත්මන් සහ අනාගත පරම්පරාවන්ට භාවිතා කිරීම සඳහා  සුරක්ෂිත කර ඇත. 
ව්‍යාපෘති ක්‍රියාකාරකම් ප්‍රධාන අභිනයන් 4 ක් මත පදනම් වේ.

වැඩිදුරටත්

ප්‍රතිස්ථාපනය සඳහා ගත හැකි ක්‍රියා මාර්ග

පවතින එල්ලංගා පද්ධති අලුත්වැඩියා කිරීම

වෙනස් වන මානව අවශ්‍යතා සපුරාලීම සඳහා වැව් ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂි ජෛව විවිධත්වය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීම ප්‍රවර්ධනය කිරීම, පරිසරයට ඇති පීඩනය අවම කිරීම සහ වර්තමාන සහ අනාගත පරම්පරාවන් සඳහා මෙම වැව්වල සේවාවන් සුරක්ෂිත කිරීම.

දැනුවත් කිරීම සහ දැනුම කළමනාකරණය වැඩිදියුණු කිරීම

ග්‍රාමීය එල්ලංගා පරිසර පද්ධතියීන්හි තිරසාර කළමනාකරණයට මග පෙන්වීම සඳහා පදනමක් ලෙස,ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් සහ පාර්ශ්වකරුවන් අතර මෙන්ම පුළුල් ගෝලීය ප්‍රජාව අතර ‘එල්ලංගා පරිසර විද්‍යාව’ යන සංකල්පය ස්ථාපිත කිරීම.

හවුල් සම්බන්ධතා ගොඩනගා ගැනීම සහ ධාරිතාව පවත්වා ගැනීම

ග්‍රාමීය එල්ල්ංගා පද්ධතීන්හි තිරසාර කළමනාකාරිත්වයට සහාය වීම සඳහා සහයෝගීතාව වර්ධනය කිරීම සහ සියලු මට්ටම්වල පාර්ශවකරුවන් අතර සහ ධාරිතාව ගොඩනැගීම.

ග්‍රාමීය එල්ලංගා පද්ධති වලට උපකාරී වන අයුරින් ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම

ග්‍රාමීය එල්ලංගා පද්ධති කළමනාකරණය කිරීම සඳහා වැඩිදියුණු කරන ලද ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සංවර්ධනය කිරීමට මඟ පෙන්විය හැකි ආයතනික විධිවිධාන ගොඩනැගීමට සහ ශක්තිමත් කිරීමට ප්‍රධාන දේශීය, ජාතික සහ ගෝලීය හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීම.